අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
2. දෙවැනි පණ්ණාසකය
(7) 2. සඤ්ඤා වර්ගය
3. අරියවුද්ධි සූත්‍රය
’’මහණෙනි, වැඩීම් පසකින් වැඩෙන්නාවූ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ආර්‍ය්‍යවූ වැඩීමෙන් වැඩෙයි. කය පිළිබඳ සාරය ගන්නේද, උතුම් දෙය ගන්නේ වේ.
’’කවර පසකින්ද යත්, ශ්‍රද්ධාවෙන් වැඩේද, ශීලයෙන් වැඩේද, ශ්‍රුතයෙන් වැඩේද, ත්‍යාගයෙන් වැඩේද, ප්‍රඥාවෙන් වැඩේද යන පසිනි.
’’මහණෙනි, වැඩීම් පසකින් වැඩෙන්නාවූ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ආර්‍ය්‍යවූ වැඩීමෙන් වැඩෙයි. කය පිළිබඳ සාරය ගන්නේද, උතුම් දෙය ගන්නේ වේ.
’’මේ ලෝකයෙහි යම් ආර්‍ය්‍ය ශ්‍රාවකයෙක් ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන්ද, ප්‍රඥාවෙන් හා ත්‍යාගය, ශ්‍රුතය යන මෙයින් වැඩේද, එබඳුවූ, විචක්ෂණවූ, ඒ සත්පුරුෂ තෙම මෙලොවම ආත්මයාගේ උභය සාරය ගණීය’’ යි වදාළ සේක