අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
2. දෙවැනි පණ්ණාසකය
(7) 2. සඤ්ඤා වර්‍ගය
5. අලංසාකච්ඡා සූත්‍රය
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ගේ සාකච්ඡාවට සුදුසු වෙයි.
’’කවර පසකින්ද යත්. මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම, තෙමේත් සීලයෙන් යුක්තවූයේ වේද, ශීල සම්පත්තිය පිළිබඳ කථාවෙන් ආවාවූ ප්‍රශ්ණය විසඳන්නේත් වේද, තෙමේත් සමාධියෙන් යුක්තවූයේ වේද, සමාධි සම්පත්තිය පිළිබඳ කථාවෙන් ආවාවූ ප්‍රශ්ණය විසඳන්නේත් වේද, තෙමේත් ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද, ප්‍රඥා සම්පත්තිය පිළිබඳ කථාවෙන් ආවාවූ ප්‍රශ්ණය විසඳන්නේත් වේද, තෙමේත් විමුක්තියෙන් යුක්තවූයේ වේද, විමුක්ති සම්පත්තිය පිළිබඳ කථාවෙන් ආවාවූ ප්‍රශ්ණය විසඳන්නේත් වේද, තෙමේත් විමුක්ති ඥාන දර්‍ශනයෙන් යුක්තවූයේ වේද, විමුක්ති ඥාන දර්‍ශනය පිළිබඳ කථාවෙන් ආවාවූ ප්‍රශ්ණය විසඳන්නේත් වේද, යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ගේ සාකච්ඡාවට සුදුසු වෙයි.