අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

10. ආනිසංස වර්‍ගය

8. දුක්ඛතො සමනුපස්සන සූත්‍රය

’’මහණෙනි, අනුසස් සයක් බලන්නාවූ භික්‍ෂුව විසින් සියලු සංස්කාරයන්හිද සීමා රහිත කොට දුක්ය යන හැඟීම නැගිටුවන්නට සෑහේමය.

’’කවර සයක්ද යත්? ඔසවන ලද කඩු ඇති වධකයා කෙරෙහි මෙන් සියලු සංස්කාරයන්හිද මට නිර්වාණයයි යන හැඟීම එළඹුනේ වන්නේය. මුළු ලෝකයෙන් මගේ සිත නැගිටින්නේය. නිවන්හිද ශාන්ත භාවය දක්නා සුලු වෙමි. මගේ ක්ලේශද නැසීමට යයි. කටයුත්ත කරන්නේද වෙමි. මෛත්‍රි ව්‍රතය පිණිස ශාස්තෘතෙමේද මා ඇසුරු කෙළේ වන්නේය. මහණෙනි, අනුසස් සයක් බලන්නාවූ භික්‍ෂුව විසින් සියලු සංස්කාරයන්හිද සීමා රහිත කොට දුක්ය යන හැඟීම නැගිටුවන්නට සෑහේමය.