අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

1. ආහුණෙය්‍ය වර්‍ගය

3. ආහුණෙය්යින්‍ද්‍රිය සූත්‍රය

’’මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්‍ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.

’’කිනම් කරුණු සයකින්ද යත් ? අධිපති ශ්‍රද්‍ධාවෙන්ද, අධිපති වීර්‍ය්‍යයෙන්, අධිපති සිහියෙන්, අධිපති සමාධියෙන්, අධිපති ප්‍රඥාවෙන්, කෙලෙසුන් ක්‍ෂය වීමෙන්, කෙලෙස් නැති අර්‍හත් ඵල සමාධියද, අර්‍හත් ඵල ප්‍රඥාවද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයි.’’

’’මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්‍ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.’’