අඞ්ගුත්තරනිකායො
සත්තක නිපාතය
පඨමපණ්ණාසකං
2. අනුසය වර්ගය
4. සත්තාහුණෙය්ය සූත්‍රය
’’මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
’’කවර සත් දෙනෙක්ද යත්? උභතො භාගයෙන් මිදුන තැනැත්තේය, ප්‍රඥාවෙන් මිදුන තැනැත්තේ හෙවත් ශුෂ්ක විදර්ශක රහතුන් වහන්සේය, නාම කායයෙන් ධ්‍යාන ස්පර්ශය කොට පසුව නිවන් පසක්කොට සිටි තැනැත්තේය, ශ්‍රද්ධාවෙන් මිදුන තැනැත්තේය, ප්‍රථම මාර්ග ප්‍රඥාවයයි කියන ලද ධර්මය සිහි කරණ තැනැත්තේය, ප්‍රථම මාර්ග සංඛ්‍යාත ශ්‍රද්ධාව සිහි කරණ තැනැත්තේය යන සත්දෙනය. මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.