අඞ්ගුත්තරනිකායො
සත්තක නිපාතය
පඨමපණ්ණාසකං
11. රාගපෙය්යාලං
615–1124.
මහණෙනි, රාගයාගේ දැනීම පිණිස සප්ත ධර්ම කෙනෙක් වැඩිය යුත්තාහ.
’’කවර ධර්ම සතක්ද යත්, සති සම්බොධ්‍යඞ්ගය, ධර්මවිචය සම්බොධ්‍යඞ්ගය, වීර්ය සම්බොධ්‍යඞ්ගය, ප්‍රීති සම්බොධ්‍යඞ්ගය, ප්රශබ්ධි සම්බොධ්‍යඞ්ගය, සමාධි සම්බොධ්‍යඞ්ගය, උපෙක්ෂා සම්බොධ්‍යඞ්ගය යන මේ ධර්මයෝ වෙති.
’’මහණෙනි, රාගයාගේ මනා දැනීම පිණිස මේ ධර්ම සත වැඩිය යුතුයි. මහණෙනි, රාගයාගේ මනා දැනීම පිණිස ධර්ම සතක් වැඩිය යුතුයි.
’’කවර සතක්ද යත්, අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව, අශුභ සංඥාව, ආදීනව සංඥාව, ප්‍රහාණ සංඥාව, විරාග සංඥාව, නිරෝධ සංඥාව යනුයි.
’’මහණෙනි, රාගයාගේ මනා දැනීම පිණිස මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
(1) ’’කවර සතක්ද යත්? (2) අශුභ සංඥාවය, මරණ සංඥාවය, ආහාරයෙහි පිළිකුල් සංඥාවය, සියලු ලෝකයෙහි නොඇලීම් සංඥාවය, අනිත්‍ය සංඥාවය, අනිත්‍යයෙහි දුක් සංඥාවය, දුකෙහි අනාත්ම සංඥාවය, (3) මහණෙනි, රාගයාගේ මනා දැනීම පිණිස මේ ධර්ම සත වැඩිය යුතුය.
(4) මහණෙනි, රාගයාගේ විශිෂ්ට ඥානය පිණිස, හීන කිරීම පිණිස, දුරු කිරීම පිණිස, ක්ෂය පිණිස, ව්‍යය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, අත්හැරීම පිණිස, දුරුකිරීම පිණිස, මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
ද්වේෂයාගේ - මෝහයාගේ - ක්‍රෝධයේ - බද්ධ වෛරයේ - ගුණදකු කමේ - අනුන්ට දොස් කීමේ - ඊර්ෂ්‍යාවේ - මසුරුකමේ - රැවටිල්ලේ - කපටිකමේ - තද ගතියේ - එකට එක කිරීමේ - මානයේ - අතිමානයේ - මදයේ - ප්‍රමාදයේ - මනා දැනීම පිණිස (මෙහි 7(4) ඡේදය යෙදිය යුතුයි.)’’
’’භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයට විශේෂයෙන් සතුටුවුහ.’’
රාගපෙය්යාලං නිට්ඨිතං.
සත්තක නිපාතය නිමි.