අඞ්ගුත්තරනිකායො
අඨක නිපාතය
1. පඨම පණ්ණාසකය
3. ගෘහපති වර්‍ගය
7. අට්ඨබල සූත්‍රය
’’මහණෙනි, මේ (ලෝකයෙහි) බල අටෙක් වෙත්. කවර අටෙක්ද යත්? මහණෙනි, ළදරුවෝ හැඬීම බලයකොට වසන්නාහ. ස්ත්‍රීවරු ක්‍රෝධය බලයකොට වසන්නාහ. සොරු ආවුධ බලයකොට වසන්නාහ. රජවරු ඓශ්චර්‍ය්‍යය බලයකොට වසන්නාහ. අඥානයෝ උසස්ව ඝෝෂා කොට අවඥා කිරීම බලයකොට වසන්නාහ. පණ්ඩිතයෝ ඉවසීම හෝ යුතු අයුතු පරීක්‍ෂණය බලයකොට වසන්නාහ. ධර්ම ශාස්ත්‍රයන් උගත්තාහු (ඒ අනුව) නුවණින් මෙනෙහි කිරීම බලයකොට වසන්නාහ. නික්ලේශී උත්තමයෝද, පැවිදි උතුමෝද, ඉවසීම බලයකොට වසන්නාහ. මහණෙනි, මේ අට බල (ධර්ම) යෝ වෙත්.’’