අඞ්ගුත්තරනිකායො
අඨක නිපාතය
1. පඨම පණ්ණාසකය
4. දාන වර්‍ගය
10. අප්පායුකසංවත්තනික සූත්‍රය
’’මහණෙනි, ප්‍රාණඝාතය තෙම හාත්පසින් සෙවුනා ලද්දේ - (පුරුදු කරණ ලද්දේ) වද්‍ර්‍ධනය කරණ ලද්දේ, බොහෝකොට වද්‍ර්‍ධණය කරණ ලද්දේ, නිරයෙහි ඉපැත්මට හේතුවෙයි. තිරිසන් යෝනියෙහි ඉපැත්මට හේතුවෙයි. ප්‍රේත ලෝකයෙහි ඉපැත්මට හේතුවෙයි.
’’ප්‍රාණඝාතය පිළිබඳවූ යම්කිසි ස්වල්පවු කර්ම විපාකය වූයේ මිනිස් ලොව උපන්නහුගේ ස්වල්ප ආයුෂය පිණිස පැවැත්ම වෙයි.
’’මහණෙනි, අදත්තාදානය හාත්පසින් සෙවුනා ලද්දේ - (පුරුදු කරණ ලද්දේ) වද්‍ර්‍ධනය කරණ ලද්දේ, බොහෝකොට වද්‍ර්‍ධණය කරණ ලද්දේ, නිරයෙහි ඉපැත්මට හේතුවෙයි. තිරිසන් යෝනියෙහි ඉපැත්මට හේතුවෙයි. ප්‍රේත ලෝකයෙහි ඉපැත්මට හේතුවෙයි. අදත්තාදානය (හොරකම) පිළිබඳවූ යම්කිසි ස්වල්පවු කර්ම විපාකය වූයේ මිනිස් ලොව උපන්නහුගේ වස්තු හානිය පිණිස පැවැත්ම වෙයි. ප්‍රාණඝාතය පිළිබඳවූ යම්කිසි ස්වල්පවු කර්ම විපාකය වූයේ මිනිස් ලොව උපන්නහුගේ ස්වල්ප ආයුෂය පිණිස පැවැත්ම වෙයි.
’’මහණෙනි, කාමයෙහි වරදවා හැසිරීම හාත්පසින් සෙවුනා ලද්දේ - (පුරුදු කරණ ලද්දේ) වද්‍ර්‍ධනය කරණ ලද්දේ, බොහෝකොට වද්‍ර්‍ධණය කරණ ලද්දේ, නිරයෙහි ඉපැත්මට හේතුවෙයි. තිරිසන් යෝනියෙහි ඉපැත්මට හේතුවෙයි. ප්‍රේත ලෝකයෙහි ඉපැත්මට හේතුවෙයි. කාමයෙහි වරදවා හැසිරීම පිළිබඳවූ යම්කිසි ස්වල්පවු කර්ම විපාකය වූයේ මිනිස් ලොව උපන්නහුගේ සතුරන් වැඩිවීමට හේතුවෙයි.
’’මහණෙනි, බොරුකීම හාත්පසින් සෙවුනා ලද්දේ - (පුරුදු කරණ ලද්දේ) වද්‍ර්‍ධනය කරණ ලද්දේ, බොහෝකොට වද්‍ර්‍ධණය කරණ ලද්දේ, නිරයෙහි ඉපැත්මට හේතුවෙයි. තිරිසන් යෝනියෙහි ඉපැත්මට හේතුවෙයි. ප්‍රේත ලෝකයෙහි ඉපැත්මට හේතුවෙයි. බොරුකීම පිළිබඳවූ යම්කිසි ස්වල්පවු කර්ම විපාකය වූයේ මිනිස් ලොව උපන්නහුගේ වස්තු හානිය පිණිස පැවැත්ම වෙයි. ප්‍රාණඝාතය පිළිබඳවූ යම්කිසි ස්වල්පවු කර්ම විපාකය වූයේ මිනිස් ලොව උපන්නහ අභූත චෝදනාවලට භාජන වෙයි. අනුන් කළ වරද ඔහු පිට පැවරේ.
’’මහණෙනි, කේලාම් කීම හාත්පසින් සෙවුනා ලද්දේ - (පුරුදු කරණ ලද්දේ) වද්‍ර්‍ධනය කරණ ලද්දේ, බොහෝකොට වද්‍ර්‍ධණය කරණ ලද්දේ, නිරයෙහි ඉපැත්මට හේතුවෙයි. තිරිසන් යෝනියෙහි ඉපැත්මට හේතුවෙයි. ප්‍රේත ලෝකයෙහි ඉපැත්මට හේතුවෙයි. කේළාම් කිම පිළිබඳවූ යම්කිසි ස්වල්පවු කර්ම විපාකය වූයේ මිනිස් ලොව උපන්නහුගේ (නිකරුණේ) මිත්‍ර භේදයට හේතු වෙයි.
’’මහණෙනි, පරුෂ වචනය හාත්පසින් සෙවුනා ලද්දේ - (පුරුදු කරණ ලද්දේ) වද්‍ර්‍ධනය කරණ ලද්දේ, බොහෝකොට වද්‍ර්‍ධණය කරණ ලද්දේ, නිරයෙහි ඉපැත්මට හේතුවෙයි. තිරිසන් යෝනියෙහි ඉපැත්මට හේතුවෙයි. ප්‍රේත ලෝකයෙහි ඉපැත්මට හේතුවෙයි. අදත්තාදානය (හොරකම) පිළිබඳවූ යම්කිසි ස්වල්පවු කර්ම විපාකය වූයේ මිනිස් ලොව උපන්නහුගේ වස්තු හානිය පිණිස පැවැත්ම වෙයි. ප්‍රාණඝාතය පිළිබඳවූ යම්කිසි ස්වල්පවු කර්ම විපාකය වූයේ මිනිස් ලොව උපන්නහුට කර්‍ණකටුකවූ, අමනාප ශබ්ද ගිය ගිය තන්හි අසන්නට හේතුවෙයි.
’’මහණෙනි, නිෂ්ඵල වචනය හාත්පසින් සෙවුනා ලද්දේ - (පුරුදු කරණ ලද්දේ) වද්‍ර්‍ධනය කරණ ලද්දේ, බොහෝකොට වද්‍ර්‍ධණය කරණ ලද්දේ, නිරයෙහි ඉපැත්මට හේතුවෙයි. තිරිසන් යෝනියෙහි ඉපැත්මට හේතුවෙයි. ප්‍රේත ලෝකයෙහි ඉපැත්මට හේතුවෙයි. නිෂ්ඵල වචනය පිළිබඳවූ යම්කිසි ස්වල්පවු කර්ම විපාකය වූයේ මිනිස් ලොව උපන්නහුගේ වචනය අන්‍යයෝ නොපිළිගනිත්.
’’මහණෙනි, රහමෙර පානය හාත්පසින් සෙවුනා ලද්දේ - (පුරුදු කරණ ලද්දේ) වද්‍ර්‍ධනය කරණ ලද්දේ, බොහෝකොට වද්‍ර්‍ධණය කරණ ලද්දේ, නිරයෙහි ඉපැත්මට හේතුවෙයි. තිරිසන් යෝනියෙහි ඉපැත්මට හේතුවෙයි. ප්‍රේත ලෝකයෙහි ඉපැත්මට හේතුවෙයි. රහමෙර පානය පිළිබඳවූ යම්කිසි ස්වල්පවු කර්ම විපාකය වූයේ මිනිස් ලොව උපන්නාහු උමතුවීමට හේතු වෙයි. කෙළතොල්ලෙක් හෝ වෙයි.
හතරවැනි දාන වර්‍ගය නිමි.