ඛුද්දක නිකාය

ඛුද්දක පාඨය

3. දෙතිස් ආකාරය

මේ කයෙහි

කෙස් ඇත, ලොම් ඇත, නිය ඇත, දත් ඇත, සම ඇත,

මස් ඇත, නහර ඇත, ඇට ඇත, ඇටමිදුලු ඇත, වකුගඩු ඇත,

හදවත ඇත, අක්මාව ඇත, දළඹුව ඇත, බඩදිව ඇත, පපුමස ඇත,

අතුනු ඇත, අතුනු බහන් ඇත, නොපැසුනු අහර ඇත, පැසුණු අහර (මළ) ඇත,

පිත ඇත, සෙම ඇත, සැරව ඇත, ලේ ඇත, ඩහදිය ඇත, මේදතෙල ඇත,

කඳුළු ඇත, වුරුණුතෙල් ඇත, කෙළ ඇත, සොටු ඇත, සඳමිදුලු ඇත, මූත්‍ර ඇත, (හිස්මොළ ඇත.)

දෙතිස් ආකාරය නිමා විය