සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

9. අන්තර පෙය්යාලය

2–11. දෙවැනි සත්ථු සූත්‍රය ආදී වූ දහය

සත්ථු සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, ඉපදීම තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ඉපදීමෙහි තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. ඉපදීමට හේතුව තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් ඉපදීමට හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තත්වූ පරිදි ඉපදීම නැතිවීම නොදන්නා විසින්, නොදක්නා විසින් ඉපදීම නැතිවීමෙහි, තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තත්වූ පරිදි ඉපදීම නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින් නොදක්නා විසින් ඉපදීම නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේය.

(දෙවෙනි සත්ථු සූත්‍රය නිමි.)

සත්ථු සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, භවය තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් භවයෙහි, තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. භවයට හේතුව තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් භවයට, හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තත්වූ පරිදි භවය, නැතිවීම නොදන්නා විසින් නොදක්නා විසින් භවය නැතිවීමෙහි, තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තත්වූ පරිදි භවය, නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින් නොදක්නා විසින් භවය, නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූපරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේය.

(තෙවෙනි සත්ථු සූත්‍රය නිමි.)

සත්ථු සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, උපාදානය (දැඩිව අල්ලා ගැනීම) තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් උපාදානයෙහි (දැඩිව අල්ලා ගැනීමෙහි) තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. උපාදානය (දැඩිව අල්ලා ගැනීමට) හේතුව තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් උපාදානය (දැඩිව අල්ලා ගැනීමට) හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තත්වූ පරිදි උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නැතිවීම නොදන්නා විසින් නොදක්නා විසින් උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නැතිවීමෙහි, තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තත්වූ පරිදි උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින් නොදක්නා විසින් උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේය.

(සිව්වන සත්ථු සූත්‍රය නිමි.)

සත්ථු සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, තණ්හාව තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් තණ්හාවෙහි තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තණ්හාවට හේතුව තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් තණ්හාවට හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තත්වූ පරිදි තණ්හාව නැතිවීම නොදන්නා විසින් නොදක්නා විසින් තණ්හාව නැතිවීමෙහි, තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තත්වූ පරිදි තණ්හාව නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින් නොදක්නා විසින් තණ්හාව නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේය.

(පස්වන සත්ථු සූත්‍රය නිමි.)

සත්ථු සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, වේදනාව තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් වේදනාවෙහි තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. වේදනාවට හේතුව තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් වේදනාවට හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තත්වූ පරිදි වේදනාව නැතිවීම නොදන්නා විසින් නොදක්නා විසින් වේදනාව නැතිවීමෙහි, තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තත්වූ පරිදි වේදනාව නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින් නොදක්නා විසින් වේදනාව නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූපරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේය.

(හයවන සත්ථු සූත්‍රය නිමි.)

සත්ථු සූත්‍රය.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. (එහිදී) භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, ස්පර්ශය තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් ස්පර්ශයෙහි තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. ස්පර්ශයට හේතුව තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් ස්පර්ශයට හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තත්වූ පරිදි ස්පර්ශය නැතිවීම නොදන්නා විසින් නොදක්නා විසින් ස්පර්ශය නැතිවීමෙහි, තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තත්වූ පරිදි ස්පර්ශය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින් නොදක්නා විසින් ස්පර්ශය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූපරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේය.

(හත්වන සත්ථු සූත්‍රය නිමි.)

සත්ථු සූත්‍රය.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, සළායතනය තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් සළායතනයෙහි තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. සළායතනයට හේතුව තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් සළායතනයට හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තත්වූ පරිදි සළායතන නැතිවීම නොදන්නා විසින් නොදක්නා විසින් සළායතන නැතිවීමෙහි, තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තත්වූ පරිදි සළායතන නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින් නොදක්නා විසින් සළායතන නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේය.

(අටවන සත්ථු සූත්‍රය නිමි.)

සත්ථු සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, නාමරූප තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් නාමරූපයෙහි තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. නාමරූපයට හේතුව තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් නාමරූපයට හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තත්වූ පරිදි නාමරූප නැතිවීම නොදන්නා විසින් නොදක්නා විසින් නාමරූප නැතිවීමෙහි, තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තත්වූ පරිදි නාමරූප නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින් නොදක්නා විසින් නාමරූප නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේය.

(නවවන සත්ථු සූත්‍රය නිමි.)

සත්ථු සූත්‍රය.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, විඤ්ඤාණය තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් විඤ්ඤාණයෙහි තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. විඤ්ඤාණයට හේතුව තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් විඤ්ඤාණයට හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තත්වූ පරිදි විඤ්ඤාණය නැතිවීම නොදන්නා විසින් නොදක්නා විසින් විඤ්ඤාණය නැතිවීමෙහි, තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තත්වූ පරිදි විඤ්ඤාණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින් නොදක්නා විසින් විඤ්ඤාණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේය.

(දසවන සත්ථු සූත්‍රය නිමි.)

සත්ථු සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, සංස්කාරයන් තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් සංස්කාරයෙහි තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. සංස්කාරයට හේතුව තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් සංස්කාරයට හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තත්වූ පරිදි සංස්කාරයන් නැතිවීම නොදන්නා විසින් නොදක්නා විසින් සංස්කාරයන් නැතිවීමෙහි, තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තත්වූ පරිදි සංස්කාරයන් නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින් නොදක්නා විසින් සංස්කාරයන් නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේය.

(එකොළොස්වන සත්ථු සූත්‍රය නිමි.)

පළමුවන සත්ථු වර්ගයයි.

(මේ වර්ගයෙහි සත්ථු සූත්‍ර එකොළොසක් වේ.)