සංයුත්තනිකායො
නිදාන වර්ගය
3. ධාතු සංයුත්තය
3. කම්මපථ වර්ගය
6. අට්ඨඩ්ගික සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) මිථ්‍යාදෘෂ්ටිකයෝ මිථ්‍යාදෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා සංකල්පනා ඇත්තෝ මිථ්‍යා සංකල්පනා ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. මිථ්‍යා වචන ඇත්තෝ මිථ්‍යා වචන ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා කර්මාන්ත ඇත්තෝ මිථ්‍යා කර්මාන්ත ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා ආජීව ඇත්තෝ මිථ්‍යා ආජීව ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා ව්‍යායාම ඇත්තෝ මිථ්‍යා ව්‍යායාම ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා සිහිය ඇත්තෝ මිථ්‍යා සිහිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා සමාධිය ඇත්තෝ මිථ්‍යා සමාධිය ඇත්තන් හා සමග එක් වෙත්. සමගිවෙත්. සම්‍යක් දෘෂ්ටිකයෝ සම්‍යක් දෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් සංකල්පනා ඇත්තෝ සම්‍යක් සංකල්පනා ඇත්තන් හා සමග එක්වෙති. සමගිවෙත්. සම්‍යක් වචන ඇත්තෝ සම්‍යක් වචන ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් කර්මාන්ත ඇත්තෝ සම්‍යක් කර්මාන්ත ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් ආජීවයෙන් යුක්තවූවෝ සම්‍යක් ආජීවයෙන් යුක්තවූවන් හා සමග එක්වෙත්. සමගි වෙත්. සම්‍යක් ව්‍යායාමයෙන් යුක්තවූවෝ සම්‍යක් ව්‍යායාමයෙන් යුක්තවූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් සිහිය ඇත්තෝ සම්‍යක් සිහිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. සම්‍යක් සමාධිය ඇත්තෝ සම්‍යක් සමාධිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්.
“මහණෙනි, අතීත කාලයෙහිද අදහස් වශයෙන් සත්වයෝ එක්වූහ. සමගිවූහ. (කෙසේද?) මිථ්‍යාදෘෂ්ටිකයෝ මිථ්‍යාදෘෂ්ටිකයන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා සංකල්පනා ඇත්තෝ මිථ්‍යා සංකල්පනා ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා වචන ඇත්තෝ මිථ්‍යා වචන ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා කර්මාන්ත ඇත්තෝ මිථ්‍යා කර්මාන්ත ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා ආජීව ඇත්තෝ මිථ්‍යා ආජීව ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා ව්‍යායාම ඇත්තෝ මිථ්‍යා ව්‍යායාම ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා සිහිය ඇත්තෝ මිථ්‍යා සිහිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා සමාධිය ඇත්තෝ මිථ්‍යා සමාධිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් දෘෂ්ටිකයෝ සම්‍යක් දෘෂ්ටිකයන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් සංකල්පනා ඇත්තෝ සම්‍යක් සංකල්පනා ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් වචන ඇත්තෝ සම්‍යක් වචන ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් කර්මාන්ත ඇත්තෝ සම්‍යක් කර්මාන්ත ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් ආජීවයෙන් යුක්තවූවෝ සම්‍යක් ආජීවයෙන් යුක්තවූවන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් ව්‍යායාමයෙන් යුක්තවූවෝ සම්‍යක් ව්‍යායාමයෙන් යුක්තවූවන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් සිහිය ඇත්තෝ සම්‍යක් සිහිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් සමාධිය ඇත්තෝ සම්‍යක් සමාධිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ.
“මහණෙනි, අනාගත කාලයෙහිද අදහස් වශයෙන් සත්වයෝ එක්වන්නාහුය. සමගිවන්නාහුය. (කෙසේද?) මිථ්‍යාදෘෂ්ටිකයෝ මිථ්‍යාදෘෂ්ටිකයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා සංකල්පනා ඇත්තෝ මිථ්‍යා සංකල්පනා ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා වචන ඇත්තෝ මිථ්‍යා වචන ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා කර්මාන්ත ඇත්තෝ මිථ්‍යා කර්මාන්ත ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා ආජීව ඇත්තෝ මිථ්‍යා ආජීව ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා ව්‍යායාම ඇත්තෝ මිථ්‍යා ව්‍යායාම ඇත්තන් හා සමග එක් වන්නාහුය. සමගිවන්නාහුය. මිථ්‍යා සිහිය ඇත්තෝ මිථ්‍යා සිහිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා සමාධිය ඇත්තෝ මිථ්‍යා සමාධිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්‍යක් දෘෂ්ටිකයෝ සම්‍යක් දෘෂ්ටිකයන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. සම්‍යක් සංකල්පනා ඇත්තෝ සම්‍යක් සංකල්පනා ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය සම්‍යක් වචන ඇත්තෝ සම්‍යක් වචන ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්‍යක් කර්මාන්ත ඇත්තෝ සම්‍යක් කර්මාන්ත ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්‍යක් ආජීවයෙන් යුක්තවූවෝ සම්‍යක් ආජීවයෙන් යුක්තවූවන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්‍යක් ව්‍යායාමයෙන් යුක්තවූවෝ සම්‍යක් ව්‍යායාමයෙන් යුක්තවූවන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්‍යක් සිහිය ඇත්තෝ සම්‍යක් සිහිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්‍යක් සමාධිය ඇත්තෝ සම්‍යක් සමාධිය ඇත්තන් හා සමඟ එක්වන්නාහුය. සමගි වන්නාහුය.
මහණෙනි, දැන් වර්තමාන කාලයෙහිද අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) මිථ්‍යාදෘෂ්ටිකයෝ මිථ්‍යාදෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා සංකල්පනා ඇත්තෝ මිථ්‍යා සංකල්පනා ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා වචන ඇත්තෝ මිථ්‍යා වචන ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා කර්මාන්ත ඇත්තෝ මිථ්‍යා කර්මාන්ත ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා ආජීව ඇත්තෝ මිථ්‍යා ආජීව ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා ව්‍යායාම ඇත්තෝ මිථ්‍යා ව්‍යායාම ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා සිහිය ඇත්තෝ මිථ්‍යා සිහිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා සමාධිය ඇත්තෝ මිථ්‍යා සමාධිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් දෘෂ්ටිකයෝ සම්‍යක් දෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගි වෙත්. සම්‍යක් සංකල්පනා ඇත්තෝ සම්‍යක් සංකල්පනා ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් වචන ඇත්තෝ සම්‍යක් වචන ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් කර්මාන්ත ඇත්තෝ සම්‍යක් කර්මාන්ත ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් ආජීවයෙන් යුක්තවූවෝ සම්‍යක් ආජීවයෙන් යුක්තවූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් ව්‍යායාමයෙන් යුක්තවූවෝ සම්‍යක් ව්‍යායාමයෙන් යුක්තවූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් සිහිය ඇත්තෝ සම්‍යක් සිහිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් සමාධිය ඇත්තෝ සම්‍යක් සමාධිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්.
(හයවෙනි අට්ඨඩ්ගික සූත්‍රය නිමි.)