සංයුත්තනිකායො

නිදාන වර්ගය

3. ධාතු සංයුත්තය

4. චතු ධාතු වර්ගය

1. චතු සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි, වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, මේ ධාතු සතරකි. ඒ සතර කවරේද? එය පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව සහ වායෝ ධාතුවයි. මහණෙනි, මොවුහු වනාහි සතර ධාතූහු වෙති.”

(පළමුවෙනි චතු සූත්‍රය නිමි.)