සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
14. කුක්කුල වර්ගය
9. අනත්ත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යමක් අනාත්මද, එහි තොපගේ ඇල්ම දුරු කටයුතුයි. මහණෙනි, අනාත්මය කවරේද?
“මහණෙනි, රූපය අනාත්මය, එහි තොපගේ ඇල්ම දුරුකට යුතුයි. වේදනාව අනාත්මය, එහි තොපගේ ඇල්ම දුරුකට යුතුයි. සංඥාව අනාත්මය, එහි තොපගේ ඇල්ම දුරුකට යුතුයි. සංස්කාරයෝ අනාත්මය, එහි තොපගේ ඇල්ම දුරුකට යුතුයි. විඥානය අනාත්මය, එහි තොපගේ ඇල්ම දුරුකට යුතුයි.
“මහණෙනි, යමක් අනාත්මද, එහි තොපගේ ඇල්ම දුරුකට යුතුය යනුයි.”
(හත්වෙනි අනත්ත සූත්‍රය නිමි.)