සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

14. කුක්කුල වර්ගය

8. අනත්ත සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, යමක් අනාත්මද? එහි තොපගේ කැමැත්ත දුරුකට යුතුයි. මහණෙනි, අනාත්මය කවරේද?

“මහණෙනි, රූපය අනාත්මය. එහි තොපගේ කැමැත්ත දුරුකට යුතුය. වේදනාව අනාත්මය, එහි තොපගේ කැමැත්ත දුරුකට යුතුයි. සංඥාව අනාත්මය, එහි තොපගේ කැමැත්ත දුරුකට යුතුයි. සංස්කාර අනාත්මය එහි තොපගේ කැමැත්ත දුරුකට යුතුයි. විඥානය අනාත්මය. එහි තොපගේ කැමැත්ත දුරුකට යුතුයි.

“මහණෙනි, යමක් අනාත්මද, එහි තොපගේ කැමැත්ත දුරුකට යුතුයි.”

(හයවෙනි අනත්ත සූත්‍රය නිමි.)