සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
1. අනිච්ච වර්‍ගය
10. අනිත්‍ය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, අතීතවූද, අනාගත වූද, රූපයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ රූපයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ රූපයන් කෙරෙහි අපෙක්‍ෂා රහිත වේ. අනාගතවූ රූපයන්ටද ආශා නොකරයි. දැන් පවත්නාවූ රූපයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ.
’’අතීතවූද, අනාගත වූද, ශබ්දයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ ශබ්දයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ශබ්දයන් කෙරෙහි අපෙක්‍ෂා රහිත වේ. අනාගතවූ ශබ්දයන්ටද ආශා නොකරයි. දැන් පවත්නාවූ ශබ්දයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
’’අතීතවූද, අනාගත වූද, ගන්‍ධයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ ගන්‍ධයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ගන්‍ධයන් කෙරෙහි අපෙක්‍ෂා රහිත වේ. අනාගතවූ ගන්‍ධයන්ටද ආශා නොකරයි. දැන් පවත්නාවූ ගන්‍ධයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
’’අතීතවූද, අනාගත වූද, රසයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ රසයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ රසයන් කෙරෙහි අපෙක්‍ෂා රහිත වේ. අනාගතවූ රසයන්ටද ආශා නොකරයි. දැන් පවත්නාවූ රසයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
’’අතීතවූද, අනාගත වූද, ස්පර්‍ශයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ ස්පර්‍ශයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ස්පර්‍ශයන් කෙරෙහි අපෙක්‍ෂා රහිත වේ. අනාගතවූ ස්පර්‍ශයන්ටද ආශා නොකරයි. දැන් පවත්නාවූ ස්පර්‍ශයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
’’අතීතවූද, අනාගත වූද, ධර්‍මයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ ධර්‍මයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ධර්‍මයන් කෙරෙහි අපෙක්‍ෂා රහිත වේ. අනාගතවූ ධර්‍මයන්ටද ආශා නොකරයි. දැන් පවත්නාවූ ධර්‍මයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය.’’ යි (වදාළ සේක.)