සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
14. දෙවදහ වර්‍ගය
5. පලාස සූත්‍රය. (1)
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
මහණෙනි, යමක් තොපගේ නොවේද?, එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. , මහණෙනි, කුමක් නම් තොපගේ නොවේද?, }“ , මහණෙනි, ඇස තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය.,
’’මහණෙනි, කණ තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය.,
’’මහණෙනි, නාසය තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය.,
’’මහණෙනි, දිව තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය.,
’’මහණෙනි, කය තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය.,
’’මහණෙනි, සිත තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය.,
’’මහණෙනි, යම්සේ මේ ජේතවනයෙහි යම් තණ ලී දඬු අතු කොළ වේද, එය ජනතෙම හැරගෙන යන්නේ හෝ වේද, දවන්නේ හෝ වේද, කැමති පරිද්දක්හෝ කරන්නේද, කිම, තොපට මෙබඳු අදහසක් වන්නේද, ‘ ජනතෙමේ අප ගෙනයයි හෝ දවයි හෝ කැමති පරිද්දක් කෙරේයයි’ කියායි, , ස්වාමීනි, එය නොවේමැයි,
’’ඊට හේතු කවරේද?, , ස්වාමීනි, මෙය වනාහි අපගේ හෝ තමාගේ හෝ තමා පිළිබඳ වූවක් හෝ නොවෙයි.,
’’මහණෙනි, එපරිද්දෙන්ම ඇස තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය.
කණ තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය.
නාසය තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය.
දිව තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය.
කය තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය.
සිත තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේයයි, වදාළේය.