සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

16. නන්‍දික්ඛය වර්‍ගය

5. සමාධි සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ජීවක නම් වෛද්‍යවරයාගේ අඹ උයනෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට අඬගා වදාළ සේක.

’’මහණෙනි, සමාධිය වඩව්. මහණෙනි, එකඟවූ සිත් ඇත්තාවූ භික්‍ෂුහට තත්වූ පරිද්දෙන් වැටහෙයි. (පෙනෙයි.) කුමක්නම් තත්වූ පරිද්දෙන් වැටහේද?

’’ඇස අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. රූපයෝ අනිත්‍යයහයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. චක්ඛු විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. චකඛු සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නුවූ සැපද නුවූ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි.

’’කණ අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ශබ්දයෝ අනිත්‍යයහයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. සොත විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. සොත සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. සොත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නුවූ සැපද නුවූ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි.

’’නාසය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ගන්‍ධයෝ අනිත්‍යයහයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ඝාණ විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ඝාණ සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නුවූ සැපද නුවූ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි.

’’දිව අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. රසයෝ අනිත්‍යයහයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ජිව්හා විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ජිව්හා සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නුවූ සැපද නුවූ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි.

’’කය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ස්පර්‍ශයෝ අනිත්‍යයහයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. කාය විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. කාය සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නුවූ සැපද නුවූ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි.

’’සිත අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. ධර්‍මයෝ අනිත්‍යයහයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. මනො විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. මනො සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි. මනො සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නුවූ සැපද නුවූ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් වැටහෙයි.

’’මහණෙනි, සමාධිය වඩව්. මහණෙනි, එකඟවූ සිත් ඇති භික්‍ෂුහට තත්වූ පරිද්දෙන් වැටහේයයි, (වදාළසේක.)