සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
17. සට්ඨි පෙය්‍යාලො (පෙය්‍යාල සැට)
2. අනිත්‍ය සූත්‍රය (2)
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ ස්වාමීනි’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් නම් අනිත්‍යද? ‘ මහණෙනි, ඇස අනිත්‍යය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. කණ, නාසය, දිව අනිත්‍යය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. කය අනිත්‍යය. සිත අනිත්‍යය. එහි තොපගේ රාගය දුරුකටයුතුය. මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ රාගය දුරුකටයුතු වේයයි, (වදාළ සේක.)