සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
17. සට්ඨි පෙය්‍යාලො (පෙය්‍යාල සැට)
25–27. අජ්ඣත්තාතීතාදිඅනත්තසුත්තං
අනාත්ම සූත්‍රය. (1)
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ ස්වාමීනි’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, අතීතවූ ඇස අනාත්මය. අතීතවූ කණ, නාසය, දිව, කය, සිත අනාත්මය.
’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කණ කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. , ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. සතරමගින් කලයුත්ත කරණ ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළ සේක.)
අනාත්ම සූත්‍රය. (2)
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ ස්වාමීනි’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, අනාගත ඇස අනාත්මය. අනාගත කණ, නාසය, දිව අනිත්‍යය. අනාගත කය, සිත අනාත්මය.
’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කණ කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. , ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. සතරමගින් කලයුත්ත කරණ ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළ සේක.)
අනාත්ම සූත්‍රය. (3)
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ ස්වාමීනි’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, වර්‍තමානවූ ඇස අනාත්මය. වර්‍තමානවූ කණ, නාසය, දිව කය, සිත අනාත්මය.