සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
2. යමක වර්‍ගය
9. උප්පාද සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, ඇසේ යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරා මරණයන්ගේ පහළවීම වේ.
’’කණේ යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරා මරණයන්ගේ පහළවීම වේ.
’’නාසයේ යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරා මරණයන්ගේ පහළවීම වේ.
’’දිවේ යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරා මරණයන්ගේ පහළවීම වේ.
’’කයේ යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරා මරණයන්ගේ පහළවීම වේ.
’’සිතේ යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරා මරණයන්ගේ පහළවීම වේ.
’’මහණෙනි, ඇසේ යම් නිරුද්‍ධවීමක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරුද්‍ධවීම, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ. කණේ යම් නිරුද්‍ධවීමක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරුද්‍ධවීම, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ. නාසයේ යම් නිරුද්‍ධවීමක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරුද්‍ධවීම, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ. දිවේ යම් නිරුද්‍ධවීමක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරුද්‍ධවීම, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ. කයේ යම් නිරුද්‍ධවීමක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරුද්‍ධවීම, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ. සිතේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ’’ යයි (වදාළ සේක.)