සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

18. සමුද්ද වර්‍ගය

7. උදායී සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කළෙක්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේද, ආයුෂ්මත් උදායී ස්ථවිර තෙමේද, කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වාසය කෙරෙත්. ඉක්බිති ආයුෂ්මත් උදායී ස්ථවිරතෙමේ සවස් වේලෙහි විවේකයෙන් නැඟී සිටියේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් සමග සතුටු වූයේය. සතුටු වියයුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක උන්නේය. එක් පසෙක උන්නාවූ ආයුෂ්මත් උදායී ස්ථවිරතෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට මෙය සැල කෙළේය.

’’ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයෙනි, මේ ආකාරයෙන්ද මේ ශරීරය අනාත්මයයි භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ශරීරය නොයෙක් ප්‍රකාරයෙන් වදාරණ ලද්දේද, විවෘත කරණ ලද්දේද, ප්‍රකාශ කරණ ලද්දේද, එපරිද්දෙන් මෙසේද මේ විඤ්ඤාණය අනාත්මයයි දක්වන්නට දේශනා කරන්ට පණවන්ට පිහිටුවන්ට විවරණය කරන්ට විභාග කරන්ට ප්‍රකට කරන්ට හැක්කේද?,

’’ආයුෂ්මත් උදායී සථවිරයෙනි, මේ ශරීරය භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේද, මේ ශරීරය අනාත්මයයි නොයෙක් ආකාරයෙන් යම් පරිද්දෙකින් වදාරණ ලද්දේද, විවෘත කරණ ලද්දේද, ප්‍රකාශ කරණ ලද්දේද, එපරිද්දෙන් මෙසේද, මේ විඤ්ඤාණය අනාත්මයයි දක්වන්නට දේශනා කරන්ට පණවන්ට පිහිටුවන්ට විවෘත කරන්ට විභාග කරන්ට ප්‍රකට කරන්ට හැක්කේය.

’’ඇවැත්නි, ඇසද රූපයන්ද නිසා චක්ඛු විඤ්ඤාණය උපදීද?, }€“ , ඇවැත්නි, එසේය,

’’ඇවැත්නි, චක්ඛු විඤ්ඤාණයාගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද ඒ ප්‍රත්‍යයද සියලු ආකාරයෙන් සර්‍වප්‍රකාරයෙන් ඉතිරි නොවී නිරුඬවන්නේ නම් කිම එකල්හි චක්ඛු විඤ්ඤාණයක් දක්නහුද?, }€“ , ඇවැත්නි, එය නොවේමැයි.,

’’ඇවැත්නි, මේ ආකාරයෙන්ද භාග්‍යවතුන් වහන්සේ විසින් මේ විඤ්ඤාණය මෙසේද අනාත්මයයි, මෙය වදාරණ ලදී. විවෘත කරණ ලදී. ප්‍රකාශ කරණ ලදී.

’’ඇවැත්නි, කණද, ශබ්දයන්ද, නිසා සෝත විඤඤාණය උපදීද?, }€“ , ඇවැත්නි, එසේය.,

’’ඇවැත්නි, සෝත විඤ්ඤාණයාගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද ඒ ප්‍රත්‍යයද සියලු ආකාරයෙන් සර්‍වප්‍රකාරයෙන් ඉතිරි නොවී නිරුඬවන්නේ නම් කිම එකල්හි සෝත විඤ්ඤාණයක් දක්නහුද?, }€“ ,ඇවැත්නි, එය නොවේමැයි.,

’’ඇවැත්නි, මේ ආකාරයෙන්ද භාග්‍යවතුන් වහන්සේ විසින් මේ විඤ්ඤාණය මෙසේද අනාත්මයයි, මෙය වදාරණ ලදී. විවෘත කරණ ලදී. ප්‍රකාශ කරණ ලදී.

’’ඇවැත්නි, නාසයද, ගන්‍ධයන්ද, නිසා ඝාණ විඤ්ඤාණය උපදීද?, }€“ , ඇවැත්නි, එසේය.,

’’ඇවැත්නි, ඝාණ විඤ්ඤාණයාගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද ඒ ප්‍රත්‍යයද සියලු ආකාරයෙන් සර්‍වප්‍රකාරයෙන් ඉතිරි නොවී නිරුඬවන්නේ නම් කිම එකල්හි ඝාණ විඤ්ඤාණයක් දක්නහුද?, }€“ , ඇවැත්නි, එය නොවේමැයි., , ඇවැත්නි, මේ ආකාරයෙන්ද භාග්‍යවතුන් වහන්සේ විසින් මේ විඤ්ඤාණය මෙසේද අනාත්මයයි, මෙය වදාරණ ලදී. විවෘත කරණ ලදී. ප්‍රකාශ කරණ ලදී.

’’ඇවැත්නි, දිවද, රසයන්ද, නිසා ජිව්හා විඤඤාණය උපදීද?, }€“ , ඇවැත්නි, එසේය.,

’’ඇවැත්නි, ජිව්හා විඤ්ඤාණයාගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද ඒ ප්‍රත්‍යයද සියලු ආකාරයෙන් සර්‍වප්‍රකාරයෙන් ඉතිරි නොවී නිරුඬවන්නේ නම් කිම එකල්හි ජිව්හා විඤ්ඤාණයක් දක්නහුද?, }€“ , ඇවැත්නි, එය නොවේමැයි.,

’’ඇවැත්නි, මේ ආකාරයෙන්ද භාග්‍යවතුන් වහන්සේ විසින් මේ විඤ්ඤාණය මෙසේද අනාත්මයයි, මෙය වදාරණ ලදී. විවෘත කරණ ලදී. ප්‍රකාශ කරණ ලදී.

’’ඇවැත්නි, කයද, ස්පර්‍ශයන්ද, නිසා කාය විඤ්ඤාණය උපදීද?, }€“ , ඇවැත්නි, එසේය.,

’’ඇවැත්නි, කාය විඤ්ඤාණයාගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද ඒ ප්‍රත්‍යයද සියලු ආකාරයෙන් සර්‍වප්‍රකාරයෙන් ඉතිරි නොවී නිරුඬවන්නේ නම් කිම එකල්හි කාය විඤ්ඤාණයක් දක්නහුද?, }€“ , ඇවැත්නි, එය නොවේමැයි.,

’’ඇවැත්නි, මේ ආකාරයෙන්ද භාග්‍යවතුන් වහන්සේ විසින් මේ විඤ්ඤාණය මෙසේද අනාත්මයයි, මෙය වදාරණ ලදී. විවෘත කරණ ලදී. ප්‍රකාශ කරණ ලදී.

’’ඇවැත්නි, සිතද, ධර්‍මයන්ද, නිසා මනෝ විඤ්ඤාණය උපදීද?, }€“ , ඇවැත්නි, එසේය.,

’’ඇවැත්නි, මනෝ විඤ්ඤාණයාගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද ඒ ප්‍රත්‍යයද සියලු ආකාරයෙන් සර්‍වප්‍රකාරයෙන් ඉතිරි නොවී නිරුඬවන්නේ නම් කිම එකල්හි මනෝ විඤ්ඤාණයක් දක්නහුද?, }€“ , ඇවැත්නි, එය නොවේමැයි.,

’’ඇවැත්නි, මේ ආකාරයෙන්ද භාග්‍යවතුන් වහන්සේ විසින් මේ විඤ්ඤාණය මෙසේද අනාත්මයයි, මෙය වදාරණ ලදී. විවෘත කරණ ලදී. ප්‍රකාශ කරණ ලදී. , ඇවැත්නි, යම්සේ හරයෙන් ප්‍රයෝජන ඇත්තාවූ හරය සොයන්නාවූ හරය සෙවීමෙහි හැසිරෙන්නාවූ පුරුෂයෙක්තෙම තියුණුවූ කෙටේරියක් ගෙන වනයට ඇතුල්වන්නේද හෙතෙම එහි සෘජුවූ අළුත්වූ නොපීදුනාවූ කෙසෙල් කඳක් දක්නේද, එය මුලින් සිඳින්නේය. මුලින් සිඳ අගින් සිඳින්නේය. අග සිඳ පත්වැටි (පතුරු) නගන්නේය. හෙතෙම එහි ඵලයකුත් නොලබන්නේය. කොයින් හරයක් ලබන්නේද, ඇවැත්නි, එපරිද්දෙන්ම භික්‍ෂුතෙම සවැදෑරුම් වූ ස්පර්‍ශ ආයතනයන්හි තමාද නොම දකියි. තමාගේ දෙයක්ද නොම දකියි. හෙතෙම මෙසේ නොදක්නේ ලෝකයෙහි කිසිවක් තෘෂ්ණාවෙන් දැඩිකොට අල්වා නොගනියි. තෘෂ්ණාවෙන් දැඩිකොට අල්වා නොගන්නේ නොඇලෙයි. නොඇලෙන්නේ තමාම පිරිනිවෙයි. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කළයුතු දෙය කරණ ලදී. මෙයින් අන්‍ය ආත්මභාවයක් නැතැයි දැනගණියයි, (වදාළ සේක.)