සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

6. අවිජ්ජා වර්‍ගය

3. සඤ්ඤොජන සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

’’ස්වාමීනි, කෙසේ දන්නහුගේ, කෙසේ දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්ද?’’

’’මහණ, ඇස අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. රූපයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. චක්ඛු විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. චක්ඛු සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්.

’’චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්.

’’මහණ, කණ අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. ශබ්දයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. සෝත විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. සෝත සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්.

’’සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්.

’’මහණ, නාසය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. ගන්‍ධයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. ඝාණ විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. ඝාණ සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්.

’’ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්.

’’මහණ, දිව අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. රසයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. ජිව්හා විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. ජිව්හා සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. ’’ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්.

’’මහණ, කය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. ස්පර්‍ශයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. කාය විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. කාය සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්.

’’කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්.

’’මහණ, සිත අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. ධර්‍මයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මනෝ විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මනෝ සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්’’ යයි වදාළ සේක.