සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
6. අවිජ්ජා වර්‍ගය
6. අනුසය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
’’ස්වාමීනි, කෙසේ දන්නහුගේ, කෙසේ දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්ද?’’
’’මහණ, ඇස වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. රූපයන් වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. චක්ඛු විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. චක්ඛු සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්.
’’චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්.
’’කණ වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. ශබ්දයන් වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. සෝත විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. සෝත සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්.
’’සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්.
’’නාසය වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. ගන්‍ධයන් වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. ඝාණ විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. ඝාණ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්.
’’ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්.
’’දිව වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. රසයන් වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. ජිව්හා විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. ජිව්හා සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්.
’’ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්.
’’කය වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. ස්පර්‍ශයන් වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. කාය විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. කාය සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්.
’’කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්.
’’සිත වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. ධර්‍මයන් වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. මනෝ විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. මනෝ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්.
’’මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්’’ යයි වදාළ සේක.