සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
10. ඡල වර්‍ගය
6. සමාධි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
’’මහණෙනි, සමාධිය වඩව්. මහණෙනි, එකඟවූ සිත් ඇති භික්‍ෂුතෙම තත්වූ පරිද්දෙන් දැනගනියි. කුමක් තත්වූ පරිද්දෙන් දැනගනණීද? ඇස අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. රූපයන් අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. චක්ඛු විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. චක්ඛු සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි, තත්වූ පරිද්දෙන් දැනගනියි.
’’කණ අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගණියි. ශබ්දයන් අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. සෝත විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. සෝත සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි, තත්වූ පරිද්දෙන් දැනගණියි.
’’නාසය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගණියි. ගන්‍ධයන් අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ඝාණ විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ඝාණ සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි, තත්වූ පරිද්දෙන් දැනගණියි.
’’දිව අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගණියි. රසයන් අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ජිව්හා විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ජිව්හා සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි, තත්වූ පරිද්දෙන් දැනගණියි.
’’කය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගණියි. ස්පර්‍ශයන් අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. කාය විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. කාය සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි, තත්වූ පරිද්දෙන් දැනගණියි.
’’සිත අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගණියි. ධර්‍මයන් අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. මනෝ විඤ්ඤාණය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. මනෝ සම්ඵස්සය අනිත්‍යයයි තත්වූ පරිද්දෙන් දැනගනියි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යයයි, තත්වූ පරිද්දෙන් දැනගණියි.
’’මහණෙනි, සමාධිය වඩව්. මහණෙනි, එකඟවූ සිත් ඇති භික්‍ෂුතෙම තත්වූ පරිද්දෙන් දැනගණීයයි, වදාළ සේක