සංයුත්තනිකායො
සළායතන වර්ගය
4. ජම්බුඛාදක සංයුත්තය
15. සක්කාය සූත්‍රය
“ඇවැත්නි, ශාරිපුත්‍රය, සක්කාය සක්කාය යයි කියනු ලැබේ. ඇවැත්නි, සක්කාය කවරේද?”
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් රූපඋපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය, සඤ්ඤා උපාදාන ස්කන්ධය, සංඛාර උපාදාන ස්කන්ධය, විඤ්ඤාණ උපාදාන ස්කන්ධය යන මේ පඤ්ච උපාදාන ස්කන්ධයෝ සක්කායයයි වදාරණ ලදී. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ උපාදාන ස්කන්ධයෝ පස්දෙන සක්කායයයි වදාරණ ලදී.”
“ඇවැත්නි, මේ සක්කායයන් පිරිසිඳ දැනගැනීමට මාර්ගයක් ඇත්තේද, ප්‍රතිපදාවක් ඇත්තේද?”
“ඇවැත්නි, මේ සක්කාය පිරිසිඳ දැනගැනීමට මාර්ගයක් ඇත. ප්‍රතිපදාවක් ඇත.”
“ඇවැත්නි, මේ සක්කායයාගේ පිරිසිඳ දැනීම පිණිස මාර්ගය කවරේද, ප්‍රතිපදාව කවරේද?”
“ඇවැත්නි, මේ සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය මේ සක්කායයාගේ පිරිසිඳ දැනීම පිණිසවේ. ඇවැත්නි, මේ සක්කායයයාගේ පිරිසිඳ දැනීම පිණිස මේ මාර්ගය වෙයි. ප්රතිපදාවවෙයි.”
“ඇවැත්නි, මේ සක්කායයාගේ පිරිසිඳදැනීම පිණිස යහපත් මාර්ගයකි. යහපත් ප්‍රතිපදාවකි. ඇවැත් ශාරිපුත්‍රය, අප්‍රමාදයටද සුදුසුය.”