සංයුත්තනිකායො
සළායතන වර්ගය
4. ජම්බුඛාදක සංයුත්තය
14. දුක්ඛ සූත්‍රය
“ඇවැත්නි ශාරිපුත්‍රය, දුක දුකයයි කියනු ලැබේ. ඇවැත්නි, දුක කවරේද?”
“ඇවැත්නි, දුක්ඛ දුකය, සඩ්ඛාර දුකය, විපරිණාම දුකයයි දුක් ස්වභාවයෝ තුනකි. ඇවැත්නි, මේ දුක් ස්වභාවයෝ තුන වෙති.”
“ඇවැත්නි මේ දුක් ස්වභාවයන්ගේ පිරිසිඳ දැනීම පිණිස මාර්ගයක් ඇත්තේද, ප්‍රතිපදාවක් ඇත්තේද?”
“මේ දුක් පිරිසිඳ දැනගැනීමට මාර්ගයක් ඇත්තේය. ප්‍රතිපදාවක් ඇත්තේය.”
“ඇවැත්නි, මේ දුක් පිරිසිඳ දැනීම පිණිස මාර්ගය කවරේද, ප්‍රතිපදාව කවරේද?”
“ඇවැත්නි, සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය මේ දුක් ස්වභාවයන්ගේ පිරිසිඳ දැනීම පිණිස වේ.”
“ඇවැත්නි, මේ දුක් ස්වභාවයන්ගේ පිරිසිඳ දැනීම පිණිස යහපත් මාර්ගයකි. යහපත් ප්‍රතිපදාවකි. ඇවැත් ශාරිපුත්‍රය, අප්‍රමාදයටද සුදුසුය.”