සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
4. ජම්බුඛාදක සංයුත්තය
4. දුක්ඛ සූත්‍රය
“ඇවැත් ශාරිපුත්‍රය, කුමක් පිණිස ශ්‍රමණ භවත් ගෞතමයන් සමීපයෙහි බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නේද?”
“ඇවැත්නි, දුක පිරිසිඳ දැනීම සඳහා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නෙමි.”
“ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස මාර්ගයක් ඇද්ද? ප්‍රතිපදාවක් ඇද්ද?”
“ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස මාර්ගයක් ඇත, ප්‍රතිපදාවක් ඇත.”
“ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස කවර ප්‍රතිපදාවක් කවර මාර්ගයක් ඇත්තේද?”
“ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස මේ අඩ්ග අටකින් යුත් ආර්ය මාර්ගය වෙයි. ඒ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේය. ඇවැත්නි, මේ මාර්ගය මේ ප්‍රතිපදාව මේ දුක පිරිසිඳ දැනීම පිණිස වේ.”
“ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිසවූ මාර්ගය යහපත්ය. ප්‍රතිපදාවද යහපත්ය. ඇවැත් ශාරිපුත්‍රය, අප්‍රමාදයට සුදුසුද වෙයි.”