සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
5. අප්පමාද වර්ගය
3–7. කූටාගාර ආදී වූ සූත්‍ර පහ
තතිය අප්පමාද සූත්‍රය.
“මහණෙනි, යම්සේ කූටාගාරයාගේ යම් ඒ පරාලවෙද්ද ඒ සියල්ල මුදුන අනුව ගියාහු වෙත්. මුදුනට නැමුණාහු වෙත්. මුදුනෙහි සංග්‍රහ වේ. ඒ පරාලවලට මුදුන අග්‍රයයි කියයි. මහණෙනි, එසේම වනාහි යම් ඒ කුසල ධර්මයෝ වෙද්ද, ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි සංග්‍රහ වෙත්. ඔවුන්ට අප්‍රමාදය අග්‍රයයි කියයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?
(මේ ඡෙද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3, 4 වෙනි ඡෙද මෙන් වේ)
චතුත්ථ අප්පමාද සූත්‍රය.
“මහණෙනි, යම්කිසි සුවඳැති මුල් වර්ග වෙද්ද? ඔවුන් අතුරෙන් කලුවැල් මුල් අග්‍රයයි කියයි. මහණෙනි, එමෙන්ම යම් ඒ කුසල ධර්මයෝ වෙද්ද? ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. ඒ සියල්ල අප්‍රමාදයෙහි ඇතුළත් වෙත්. අප්‍රමාදය ඒ කුසල ධර්මයන්ට අග්‍රයයි කියයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?
(මේ ඡෙද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3, 4 වෙනි ඡෙද මෙන් වේ)
පංචම අප්පමාද සූත්‍රය.
“මහණෙනි, යම්සේ යම්කිසි සුවඳැති අරටු වෙත්ද ඔවුන් අතුරෙන් රත් සඳුන් අග්‍රයයි කියයි. මහණෙනි, එමෙන්ම වනාහී යම් ඒ කුසල ධර්මයෝ වෙත්ද? ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. ඒ සියල්ල අප්‍රමාදයෙහි ඇතුළත් වෙත්. ඒ ධර්මයන්ට අප්‍රමාදය අග්‍රයයි කියයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?
(මේ ඡෙද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3, 4 වෙනි ඡෙද මෙන් වේ.)
ඡට්ඨ අප්පමාද සූත්‍රය
“මහණෙනි, යම්සේ වනාහි යම් ඒ සුවඳ මල් ජාතීහු වෙත්ද? ඒ සියලු සුවඳ මල් අතුරෙන් දෑසමන් මල් අග්‍රයයි කියයි. මහණෙනි, එසේම වනාහී යම් ඒ කුසල ධර්මයෝ වෙත්ද? ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි ඒ සියල්ල ඇතුළත් වෙත්. අප්‍රමාදය ඒ සියලු කුසල ධර්මයන්ට අග්‍රයයි කියයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමතිවිය යුතුයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?
(මේ ඡෙද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3, 4 වෙනි ඡෙද මෙන් වේ.)
සත්ත අප්පමාද සූත්‍රය
“මහණෙනි, යම් සේ යම් ඒ කුඩා රජවරු වෙද්ද? ඒ සියලුදෙනා සක්විති රජුට අනුව පවත්නාහු වෙත්. ඔවුන් අතුරෙන් සක්විති රජතෙම අග්‍රයයි කියයි. මහණෙනි, එසේම වනාහි යම් කුසල ධර්මයෝ වෙද්ද? ඒ සියල්ල අප්‍රමාදය මුල් කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි ඒ සියල්ල ඇතුළත් වෙත් අප්‍රමාදය ඒ සියලු කුසල ධර්මයන්ට අග්‍රයයි කියයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?
(මේ ඡෙද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3, 4 වෙනි ඡෙදමෙන් වේ.)