සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
5. අප්පමාද වර්ගය
8–10. චන්දිම ආදී වූ සූත්‍ර තුන
අට්ඨම අප්පමාද සූත්‍රය
“මහණෙනි, යම්සේ යම් ඒ තාරකාවන්ගේ ආලොකයක් වේද? ඒ සියල්ල චන්ද්‍රාලොකයෙන් සොළොස්වැනි කලාවකටද නොඅගී. චන්ද්‍රාලෝකය ඒ සියල්ල අතරෙන් අග්‍රයයි කියයි. මහණෙනි, එසේම වනාහි යම් ඒ කුසල ධර්මයෝ වෙද්ද? ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි ඒ සියල්ල ඇතුළත් වෙත්. අප්‍රමාදය ඒ සියලු කුසල ධර්මයන්ට අග්‍රයයි කියයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, මේ අප්‍රමාදයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?
(මේ ඡෙද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3, 4 වෙනි ඡෙද මෙන් වේ)
නවම අප්පමාද සූත්‍රය.
“මහණෙනි, යම්සේ සරත් කාලයෙහි වළාකුල් හා වර්ෂාව පහවීමෙන් පිරිසිදුවූ අහසට නැඟී සූර්යයා අහසෙහිවූ සියලු අන්ධකාරය පහකොට ආලෝක කරන්නේද දිලිසෙන්නේද බබලන්නේද වෙයි. මහණෙනි, එමෙන්ම වනාහී යම් ඒ කුසල ධර්මයෝ වෙද්ද? ඒ සියල්ල වනාහී අප්‍රමාදය මුල් කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි ඒ සියල්ල ඇතුළත් වෙත්. අප්‍රමාදය ඒ සියලු කුසල ධර්මයන්ට අග්‍රය. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?
(මේ ඡෙද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3, 4 වෙනි ඡෙද මෙන් වේ)
දසම අප්පමාද සූත්‍රය.
“මහණෙනි, යම්සේ යම් ඒ නූල්වලින් වියනලද වස්ත්‍ර අතුරෙන් කසී වස්ත්‍ර අග්‍රයයි කියයි. මහණෙනි, එසේම වනාහී යම් ඒ කුසල ධර්මයෝ වෙද්ද? ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. ඒ සියල්ල අප්‍රමාදයෙහි ඇතුළත් වෙත්. අප්‍රමාදය ඒ කුසල ධර්මයන්ට අග්‍රයයි කියයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩාද?
(මේ ඡෙද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3, 4 වෙනි ඡෙද මෙන් වේ)
(යදපි තථාගතං, තදපි විත්ථාරෙතබ්බං).
අප්පමාදපෙය්‍යාලවග්ගො පඤ්චමො.