සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

7. එසනා වර්ගය

5. දුක්ඛතා සූත්‍රය

“මහණෙනි, මේ දුක්ඛ ස්වභාවයෝ තුනෙකි. කවර නම් තුනෙක්ද යත්? දුක්ඛ දුක්ඛ ස්වාභාවය, සංඛාර දුක්ඛ ස්වභාවය, විපරිනාම දුක්ඛ ස්වභාවය කියායි. මහණෙනි, මේ වනාහි දුක්ඛ ස්වභාවයෝ තුනය. මහණෙනි, මේ ත්‍රිවිධ දුක්ඛ ස්වභාවයන්ගේ දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්?

(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි)

“මහණෙනි, මේ ත්‍රිවිධ දුක්ඛ ස්වභාවයන්ගේ දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළ සේක.