සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
7. එසනා වර්ගය
6. ඛීල සූත්‍රය
“මහණෙනි, මේ හුල් තුනෙකි. කවර නම් තුනෙක්ද යත්? රාගය නැමැති හුල, ද්වෙශය නැමැති හුල, මෝහය නැමැති හුල කියායි. මහණෙනි, මේ වනාහි හුල් තුනයි. මහණෙනි, මේ ත්‍රිවිධ හුල් දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්?
(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි)
“මහණෙනි, ත්‍රිවිධ උල් දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.