සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

7. එසනා වර්ගය

7. මල සූත්‍රය

“මහණෙනි, මේ මල තුනකි. කවර නම් තුනක්ද යත්? රාග නමැති මලය, ද්වෙෂය නමැති මලය, මෝහ නමැති මලය යන මොහුයි. මහණෙනි, මේ වනාහි මලයෝ තුනවේ. මහණෙනි, මේ ත්‍රිවිධ මලයන් දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්?

(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි)

“මහණෙනි, මේ ත්‍රිවිධ මල දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.