සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
7. එසනා වර්ගය
9. වෙදනා සූත්‍රය
“මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර නම් තුනක්දයත්? සුඛ වෙදනාව, දුක්ඛ වෙදනාව, අදුක්ඛ අදුක්ඛම සුඛ වෙදනාව යන මොහුයි. මහණෙනි, මේ වනාහි වෙදනා තුනයි. මහණෙනි, මේ ත්‍රිවිධ වෙදනාවන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්දයත්?
(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි)
“මහණෙනි, මේ ත්‍රිවිධ වෙදනාවන්ගේ දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩියයුතු යයි” වදාළසේක.