සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
8. ඔඝ වර්ගය
5. අනුසය සූත්‍රය
“මහණෙනි, මේ අනුසය ධර්මයෝ සතකි. කවරනම් සතක්දයත්? කාමරාගානුසය, පටිඝානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, සහ අවිජ්ජානුසයයි.
“මහණෙනි, මේ වනාහි අනුසය සතයි. මේ සප්ත අනුසය ධර්මයන්ගේ දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩියයුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්දයත්?
(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)
“මහණෙනි, මේ සප්ත අනුසය ධර්මයන්ගේ දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ග මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.