සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

8. ඔඝ වර්ගය

4. ගන්ථ සූත්‍රය

“මහණෙනි, මේ ග්‍රන්ථයෝ (ගැට) සතරකි. කවර නම් සතරක්ද යත්? අභිධ්‍යාකාය ග්‍රන්ථය, (චුති ප්‍රතිසන්ධි වශයෙන් ගැටගසන තණ්හාව) ව්‍යාපාද කාය ග්‍රන්ථය, (ද්වෙෂය) සීලබ්බතපරාමාස කාය ග්‍රන්ථය, (වැරදි සීලව්‍රත ගන්නා දෘෂ්ටිය) ඉදංසර්වවාභිනිවෙස කාය ග්‍රන්ථය (මෙයම සත්‍යයි ගන්නා වැරදි දෘෂ්ටිය) යන මොහුයි. මහණෙනි, මේ වනාහි ග්‍රන්ථ සතරයි. මහණෙනි, මේ ග්‍රන්ථ සතර දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්?

(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි)

“මහණෙනි, මේ සතර ග්‍රන්ථයන් දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.