සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
8. ඔඝ වර්ගය
9. ඔරම්භාගිය සූත්‍රය
“මහණෙනි, මේ ඕරම්භාගිය (යට කොට්ඨාශය නම්වූ එකොළොස් කාම භවයෙහි උපතට හේතුවූ) සංයෝජන පසකි. කවර නම් පසක්ද යත්? සක්කාය දෘෂ්ටිය, විචිකිච්ඡාව සීලබ්බතපරාමාසය, කාමච්ඡන්දය, ව්‍යාපාදය යන මොහුයි. මහණෙනි, මේ වනාහී ඕරම්භාගිය සංයෝජන පසයි. මහණෙනි, මේ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන්ගේ දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.
(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි)
“මහණෙනි, මේ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන්ගේ දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.