සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
8. ඔඝ වර්ගය
10. උද්ධම්භාගිය සූත්‍රය
“මහණෙනි, මේ උද්ධම්භාගිය (උඩ කොට්ඨාශය වන රූපාරූප භවයෙහි උපතට හේතුවූ) සංයෝජන පසකි. කවර නම් පසක්ද යත්? රූප රාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිද්‍යාව යන මොහුයි. මහණෙනි, මේ වනාහී උද්ධම්භාගිය සංයෝජන පසයි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පඤ්චකයාගේ දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්?
(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි)
“මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයන්ගේ දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය කිරීම පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.
ඔඝවග්ගො අට්ඨමො.
මාර්ග සංයුත්තය නිමි.