සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
3. මිච්ඡත්ත වර්ගය
5. පඨම අසප්පුරිස සූත්‍රය
“මහණෙනි, තොපට අසත්පුරුෂයාද සත්පුරුෂයාද දෙශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, අසත්පුරුෂයා නම් කවරෙක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතමෙක් මිථ්‍යාදෘෂ්ටි ඇත්තේවේද මිථ්‍යා සංකල්පය ඇත්තේ වේද මිථ්‍යා වචනය ඇත්තේ වේද මිථ්‍යා කර්මාන්තය ඇත්තේවේද මිථ්‍යා ආජීවය ඇත්තේවේද මිථ්‍යා ව්‍යායාමය ඇත්තේවේද මිථ්‍යා සතිය ඇත්තේවේද මිථ්‍යා සමාධිය ඇත්තේවේද, මහණෙනි, මේ තෙමේ අසත්පුරුෂයා යයි කියනු ලැබේ.
“මහණෙනි, සත්පුරුෂයා නම් කවරෙක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් සම්‍යක් දෘෂ්ටිය ඇත්තේ වෙයිද සම්‍යක් සංකල්පය ඇත්තේ වෙයිද සම්‍යක් වචනය ඇත්තේ වෙයිද සම්‍යක් කර්මාන්තය ඇත්තේ වෙයිද, සම්‍යක් ආජීවය ඇත්තේ වෙයිද සම්‍යක් ව්‍යායාමය ඇත්තේ වෙයිද සම්‍යක් සතිය ඇත්තේ වෙයිද සම්‍යක් සමාධිය ඇත්තේ වෙයිද මහණෙනි, මේ තෙමේ සත්පුරුෂයායයි කියනු ලැබේ.