සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
5. අඤ්ඤතිත්ථිය පෙය්‍යාල වර්ගය
2–7. සංයොජන පහාණ ආදී සූත්‍ර හය
2. සංයොජන පහාණ සූත්‍රය
(මේ සූත්‍රයේ 1, 2, 5 ඡෙද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2, 5 ඡෙද මෙන් වේ.)
[3] “මහණෙනි, මෙසේ අසන ලද තෙපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ට ‘ඇවැත්නි, සංයොජනයන් පහකරනු පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්නේ යයි’ කියව්.
[4] “මහණෙනි, ඉදින් වනාහි තොපගෙන් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ ‘ඇවැත්නි, සංයෝජනයන් පහකරනු පිණිස මාර්ගයක් තිබේද? ප්‍රතිපදාවක් තිබේදැයි’ මෙසේ අසන්නහුනම් මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ‘ඇවැත්නි, සංයෝජනයන් පහකරනු පිණිස මාර්ගයක් ඇත්තේය. ප්‍රතිපදාවක් ඇත්තේයයි’ කියව්. මහණෙනි, කිනම් මාර්ගයක් කිනම් ප්‍රතිපදාවක් සංයෝජන පහකිරීම පිණිස පවත්නේද? මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි.
[6] “මහණෙනි, මෙය සංයෝජනයන්ගේ පහකිරීම පිණිස පවත්නා මාර්ගය වෙයි. ප්‍රතිපදාව වෙයි. මහණෙනි, මෙසේ අසන ලද තෙපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ට මෙසේ කියව්යයි’ වදාළසේක.
3. අනුසය සමුග්ඝාත සූත්‍රය
(මේ සූත්‍රයේ 1, 2, 5 ඡෙද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2, 5 ඡෙද මෙන් වේ.)
[3] “මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට ඇවැත්නි, අනුසය ධර්මයන් නැසීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නේයයි’ කියව්
[4] “මහණෙනි, ඉදින් වනාහි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ තොපගෙන් ‘ඇවැත්නි, අනුසය ධර්මයන් නැසීම පිණිස මාර්ගයක් ඇත්තේද, ප්‍රතිපදාවක් ඇත්තේදැයි මෙසේ අසන්නාහු නම් මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට ‘අනුසය ධර්මයන් නැසීම පිණිස මාර්ගයක් ඇත, ප්‍රතිපදාවක්ද ඇතැයි’ කියව්. මහණෙනි, අනුසය ධර්මයන් නැසීම පිණිස පවත්නා මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කුමක්ද? මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි.
[6] “මහණෙනි, අනුසය නැසීම පිණිස මේ මාර්ගය වෙයි. මේ ප්‍රතිපදාවවෙයි. මහණෙනි, මෙසේ අසන ලද තෙපි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ කියව්යයි” වදාළසේක.
4. අද්ධාන පරිඤ්ඤා සූත්‍රය
(මේ සූත්‍රයේ 1, 2, 5 ඡෙද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2, 5 ඡෙද මෙනි.)
[3] “මහණෙනි, මෙසේ අසන ලද තෙපි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයින්ට ඇවැත්නි, සංසාර ගමන නැති කිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර හැසිරෙන්නේය’ කියව්.
[4] “මහණෙනි, ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ ඉදින් වනාහි තොපගෙන් ‘ඇවැත්නි, සසර ගමන නැති කිරීම පිණිස මාර්ගයක් තිබේද? ප්‍රතිපදාවක් තිබේදැයි මෙසේ අසන්නාහු නම්, මහණෙනි, මෙසේ අසන ලද තෙපි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ට, ‘ඇවැත්නි, සසර ගමන නැතිකිරීම පිණිස මාර්ගක් ඇත ප්‍රතිපදාවක්ද ඇතැයි’ මෙසේ කියව්. මහණෙනි, සසර ගමන නැති කිරීම පිණිස පවත්නා මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කුමක්ද? ඒ මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි.
[6] “මහණෙනි, සසර ගමන නැති කිරීම පිණිස මේ මාර්ගය, මේ ප්‍රතිපදාව වෙයි මහණෙනි, මෙසේ අසනලද තොපි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයින්ට මෙසේ කියව්යයි” වදාළසේක.
5. ආසවක්ඛය සූත්‍රය
(මේ සූත්‍රයේ 1, 2, 5 ඡෙද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2, 5 ඡෙද මෙනි.)
[3] “මහණෙනි, ඒ මෙසේ අසන ලද තෙපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ට ‘ඇවැත්නි, ආශ්‍රවයන් ක්ෂයකිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වෙසෙන්නේයයි’ කියව්. මහණෙනි, ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ තොපගෙන් ‘ඇවැත්නි ආශ්‍රව නැති කිරීම පිණිස මාර්ගයක් තිබේද? ප්‍රතිපදාවක් තිබේදැයි.”
[4] “මහණෙනි, මෙසේ අසන්නාහු නම් මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයින්ට ඇවැත්නි ආශ්‍රවයන් නැතිකිරීම පිණිස මාර්ගයක් ඇත. ප්‍රතිපදාවක් ඇත. මහණෙනි, ආශ්‍රවයන් නැතිකිරීම පිණිස පවත්නා මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කුමක්ද? ඒ මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි.
[6] “මහණෙනි, ආශ්‍රව නැති කිරීම පිණිස මේ මාර්ගය වෙයි. මේ ප්‍රතිපදාව වෙයි. මහණෙනි, මෙසේ අසනලද තෙපි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයින්ට මෙසේ කියව්යයි” වදාළ සේක.
6. විජ්ජාවිමුත්ති සූත්‍රය
(මේ සූත්‍රයේ 1, 2, 5 ඡෙද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2, 5 ඡෙද මෙනි.)
[3] “මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ට ‘ඇවැත්නි, විජ්ජා විමුක්ති ඵලය (රහත් බව) අවබෝධ කිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර හැසිරෙන්නේයයි’ කියව්.
[4] “මහණෙනි, ඉදින් වනාහි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ තොපගෙන් ‘ඇවැත්නි, විද්‍යා විමුක්ති ඵලය (රහත් බව) අවබෝධ කිරීම පිණිස පවත්නාවූ මාර්ගයක් තිබේද? ප්‍රතිපදාවක් තිබේදැයි’ මෙසේ අසන්නාහු නම් මෙසේ අසන ලද්දාවූ තෙපි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයින්ට ‘ඇවැත්නි, විද්‍යා විමුක්ති ඵලය (රහත් බව) අවබෝධ කිරීම පිණිස මාර්ගයක් ඇත. ප්‍රතිපදාවක් ඇතැයි’ කියව්. මහණෙනි, විද්‍යා විමුක්ති ඵලය (රහත් බව) ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවත්නා මාර්ගය කුමක්ද? ඒ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය මැයි.
[6] “මහණෙනි, මේ විද්‍යා විමුක්ති ඵලය (රහත් බව) අවබෝධකිරීම පිණිස මාර්ගය වෙයි. ප්‍රතිපදාව වෙයි, මහණෙනි, මෙසේ අසන ලද තෙපි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයින්ට මෙසේ කියව්යයි” වදාළසේක.
7. ඤාණදස්සන සූත්‍රය
(මේ සූත්‍රයේ 1, 2, 5 ඡෙද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 1, 2, 5 ඡෙද මෙනි.)
[3] “මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ට ‘ඇවැත්නි, ඤාණදර්ශනය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර හැසිරෙන්නේයයි’ කියව්.
[4] “මහණෙනි, ඉදින් වනාහි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ තොපගෙන් ‘ඇවැත්නි, ඤාණදර්ශනය පිණිස මාර්ගයක් තිබේද? ප්‍රතිපදාවක් තිබේදැයි’ මෙසේ අසන්නාහු නම් මහණෙනි, මෙසේ අසනලද්දාවූ තෙපි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට ඤාණදර්ශනය පිණිස මාර්ගයක් ඇත්තේය. ප්‍රතිපදාවක් ඇත්තේයයි කියව්. මහණෙනි, ඤාණදර්ශනය පිණිස පවත්නා මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කුමක්ද? ඒ මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය මැයි.
[6] “මහණෙනි, ඤාණදර්ශනය පිණිස මේ මාර්ගය වෙයි. මේ ප්‍රතිපදාව වෙයි. මහණෙනි, මෙසේ අසනලද තෙපි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයින්ට මෙසේ කියව්යයි” වදාළසේක