සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
5. අඤ්ඤතිත්ථිය පෙය්‍යාල වර්ගය
8. අනුපාදාපරිනිබ්බාණ සූත්‍රය
(මේ සූත්‍රයේ 1, 3, 5 ඡෙද මේ සූත්‍රයේ පළමුවෙනි 1, 3, 5 ඡෙද මෙනි.)
[3] “මහණෙනි මෙසේ අසන ලද තෙපි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයින්ට ඇවැත්නි, ‘අනුපාදාපරිනිර්වාණය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බ්‍රාහ්මචර්යාවෙහි හැසිරෙන්නේ යයි කියව්.
[4] “මහණෙනි, ඉදින් වනාහි තොපගෙන් ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ ‘ඇවැත්නි, අනුපාදා පරිනිර්වාණය පිණිස මාර්ගයක් තිබේද? ප්‍රතිපදාවක් තිබේදැයි’ මෙසේ අසන්නාහු නම් මහණෙනි, මෙසේ අසනලද තෙපි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයින්ට ‘ඇවැත්නි, අනුපාදා පරිනිර්වාණය පිණිස මාර්ගයක් තිබේ. ප්‍රතිපදාවක් තිබේයයි’ කියව්. මහණෙනි, අනුපාදා පිරිනිවීම පිණිස පවත්නා මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කුමක්ද? ඒ මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයයි.
[6] “මහණෙනි, මේ අනුපාදා පරිනිර්වාණය පිණිස මාර්ගය වෙයි. මේ ප්‍රතිපදාව වෙයි. මෙසේ අසන ලද තෙපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ කියව්යයි” වදාළසේක.
අඤ්ඤතිත්ථියපෙය්‍යාලවග්ගො පඤ්චමො.