සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

6. සූරිය පෙය්‍යාල වර්ගය

2–6. සීලසම්පදා ආදී සූත්‍ර පහ

2. සීලසම්පදා සූත්‍රය

(මේ වර්ගයේ සියලු සූත්‍රවල පළමුවෙනි ඡෙද මේ වර්ගයේම පළමුවෙනි සූත්‍රයේ පළමුවෙනි ඡෙදය මෙන් වේ.)

“මහණෙනි, යම් ඒ අරුණෝදයක් වේද, මෙය උදාවන සූර්යයාට පූර්වංගමය. පූර්වනිමිත්තය. මහණෙනි, එමෙන්ම මහණහට යම් ඒ සීලසම්පත්තියක් වේද, එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයාගේ ඉපදීම පිණිස එය පූර්වංගමය පූර්ව නිමිත්තය. මහණෙනි, සීලසම්පන්න භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. නැවත නැවත වඩන්නේය යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, චතුපාරිශුද්ධි සීලයෙන් යුක්ත භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය කෙසේ වඩන්නේද? කෙසේ නැවත නැවත වඩන්නේද?

(මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ තුන්වෙනි ඡෙදය මෙනි.)

“මහණෙනි, මෙසේ වනාහි සීලයෙන් යුත් භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.

3. ඡන්දසම්පදා සූත්‍රය

“මහණෙනි, යම්බඳු අරුණෝදයක් වේද, එය උදාවන සූර්යයාට පූර්වංගමවේ. පූර්වනිමිත්ත වේ. මහණෙනි, එමෙන්ම යම් ඡන්ද සම්පත්තියක් වේද, එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන්නාවූ භික්ෂුවට පූර්වංගමය. පූර්වනිමිත්තය. මහණෙනි, ඡන්ද සම්පත්තියෙන් යුත් භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේය, යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, ඡන්ද සම්පත්තියෙන් යුක්තවූ මහණතෙම කෙසේ නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේද?

(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)

“මහණෙනි, මෙසේ වනාහි ඡන්ද සම්පත්තියෙන් යුක්තවූ මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.

4. අත්තසම්පදා සූත්‍රය

“මහණෙනි, යම් ඒ අරුණෝදයක් වේද එය උදාවන සූර්යයාට පූර්වංගමවේ, පූර්වනිමිත්තවේ. මහණෙනි, එමෙන්ම යම් ඒ චිත්ත සම්පත්තියක්වේද, එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන්නාවූ භික්ෂුවට පූර්වංගමය, පූර්වනිමිත්තය. මහණෙනි, චිත්ත සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේය. යන මෙය කැමති විය යුතුයි. මහණෙනි, චිත්ත සම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේද?

(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)

“මහණෙනි, මෙසේ වනාහි චිත්ත සම්පත්තියෙන් යුක්තවූ මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.

5. දිට්ඨිසම්පදා සූත්‍රය

“මහණෙනි, යම් ඒ අරුණෝදයක්වේද, එය උදාවන සූර්යයාට පූර්වංගමවේ. පූර්වනිමිත්තවේ. මහණෙනි, එමෙන්ම යම් ඒ ඤාණ සම්පත්තියක් වේද, එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නාවූ භික්ෂුවට පූර්වංගම වේ. පූර්ව නිමිත්ත වේ. මහණෙනි, ඤාණසම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේය යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, ඤාණසම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේද? කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේද?

(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි)

“මහණෙනි, මෙසේ වනාහි ඤාණ සම්පත්තියෙන් යුත් භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.

6. අප්පමාද සම්පදා සූත්‍රය

“මහණෙනි, යම් ඒ අරුණෝදයක්වේද, එය උදාවන සූර්යයාට පූර්වංගම වේ. පූර්ව නිමිත්තවේ මහණෙනි එමෙන්ම යම් ඒ අප්‍රමාද සම්පත්තියක්වේද එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නාවූ භික්ෂුවට පූර්වංගමවේ, පූර්ව නිමිත්ත වේ. මහණෙනි, අප්‍රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේය යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, අප්‍රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද

(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)

“මහණෙනි, මෙසේ වනාහී අප්‍රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.