සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

7. එකධම්ම පෙය්‍යාල වර්ගය

7. යොනිසොවිවෙක නිස්සිත සූත්‍රය

“මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයාගේ ඉපදවීම පිණිස එක ධර්මයක් බොහෝ උපකාරවේ. කවරනම් එක ධර්මයක්දයත්? යම් ඒ උපායමනසිකාරයක් වේද එයයි. මහණෙනි, උපායමනසිකාරයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති වියයුතුයි. මහණෙනි, උපාය මනසිකාරයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩයිද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයිද?

(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)

“මහණෙනි, මෙසේ වනාහි උපායමනසිකාරයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.