සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
1. ගංගාපෙය්‍යාල වර්ගය
6. ඡට්ඨ පාචීනනින්න සූත්‍රය
“මහණෙනි, යම් ඒ මහා ගංගාවෝ වෙද්ද? එනම් ගංගා, යමුනා, අචිරවතී, සරභු මහී යන මොහුය. යම්සේ ඒ සියලු ගංගාවෝ පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නාහුද?
“මහණෙනි, එමෙන්ම මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ නිවනට නැමුණෙක්, නිවනට හැරුණෙක්, නිවනට බරවූවෙක් වෙයි. මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නාවූ මහණතෙම කෙසේ නිවනට නැමුණෙක්, නිවනට හැරුණෙක් නිවනට බරවූවෙක් වන්නේ ද,
(මේ ඡෙද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි 4 වෙනි ඡෙද මෙන් වේ.)