සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

1. ගංගාපෙය්‍යාල වර්ගය

2–6. දුතිය සමුද්දනින්න ආදී වූ සූත්‍ර පහ

දුතිය සමුද්දනින්න සූත්‍රය

“මහණෙනි, යම්සේ යමුනා ගඟ මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේවේද? මහණෙනි, එමෙන්ම මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ නිවනට නැමුණෙක් නිවනට හැරුණෙක්, නිවනට බරවූවෙක් වන්නේය. මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම කෙසේ නිවනට නැමුණෙක් නිවනට හැරුණෙක් නිවනට බරවූවෙක් වන්නේද?

(මේ ඡෙද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි 4 වෙනි ඡෙද මෙන් වේ.)

තතිය සමුද්දනින්න සූත්‍රය.

“මහණෙනි, යම්සේ අචිරවතී ගඟ මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේ වේද, මහණෙනි, එමෙන්ම මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ නිවනට නැමුණෙක් නිවනට හැරුණෙක් නිවනට බරවූවෙක් වෙයි. මහණෙනි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම කෙසේ නිවනට නැමුණෙක් නිවනට හැරුණෙක්, නිවනට බරවූවෙක් වන්නේද?

(මේ ඡෙද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි 4 වෙනි ඡෙද මෙන් වේ.)

චතුත්ථ සමුද්දනින්න සූත්‍රය.

“මහණෙනි, යම් සේ සරභු ගඟ මුහුදට නැමී, මුහුදට හැරී මුහුදට බරව පවත්නේවේද, මහණෙනි, එමෙන්ම මහණ තෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ නිවනට නැමුණෙක් නිවනට හැරුණෙක්, නිවනට බරවූවෙක් වන්නේය. මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම කෙසේ නිවනට නැමුණෙක්, නිවනට හැරුණෙක්, නිවනට බරවූවෙක් වන්නේද?

(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි 4 වෙනි ඡෙද මෙන් වේ.)

පඤ්චම සමුද්දනින්න සූත්‍රය

“මහණෙනි, යම්සේ මහී නම් ගඟ මුහුදට නැමී මුහුදට හැරී, මුහුදට බරව පවත්නේවේද? මහණෙනි, එමෙන්ම මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ නිවනට නැමුණෙක් නිවනට හැරුණෙක් නිවනට බරවූවෙක් වන්නේය. මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම කෙසේ නිවනට නැමුණෙක්, නිවනට හැරුණෙක්, නිවනට බරවූවෙක් වන්නේද?

(මේ ඡෙද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි 4 වෙනි ඡෙද මෙන් වේ.)

ඡට්ඨ සමුද්ද නින්න සූත්‍රය

“මහණෙනි, යම්සේ යම් ඒ මහා ගංගාවෝ වෙත්ද එනම් ගංගා, යමුනා, අචිරවතී, සරභු, මහී යන මොහුය. යම් සේ ඒ සියලු ගංගාවෝ මුහුදට නැමී, මුහුදට හැරී මුහුදට බරව පවත්නාහුද? මහණෙනි, එසේම වනාහි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම නිවනට නැමුණෙක්, නිවනට හැරුනෙක්, නිවනට බරවූවෙක් වන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම කෙසේ නිවනට නැමුණෙක්, නිවනට හැරුණෙක්, නිවනට බරවූවෙක් වන්නේද?

(මේ ඡෙද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි 4 වෙනි ඡෙද මෙන් වේ.)

ගඞ්ගාපෙය්‍යාලවග්ගො පඨමො.