සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

2. දෙවැනි ගංගාපෙය්‍යාල වර්ගය

1. විනය සූත්‍ර

“මහණෙනි, යම්සේ ගංගානම් නදිය පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේවේද? මහණෙනි, එසේම වනාහි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේය. මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණෙතෙම කෙසේ නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේවේද?

“මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම රාගය දුරු කිරීම කෙළවරකොට ඇති, දොසය දුරුකිරීම කෙළවරකොට ඇති, මොහය දුරුකිරීම කෙළවරකොට ඇති, සම්‍යක් දෘෂ්ටිය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, දොසය දුරු කිරීම කෙළවරකොට ඇති, මොහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්‍යක් සංකල්පය වඩයි. රාගය දුරුකිරීම කෙළවර කොට ඇති, දොසය දුරුකිරීම කෙළවරකොට ඇති මොහය දුරුකිරීම කෙළවරකොට ඇති, සම්‍යක් වචනය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, දොසය දුරුකිරීම කෙළවර කොට ඇති, මොහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්‍යක් කර්මාන්තය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, දොසය දුරුකිරීම කෙළවරකොට ඇති, මොහය දුරු කිරීම කෙළවරකොට ඇති. සම්‍යක් ආජීවය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, දොසය දුරුකිරීම කෙළවරකොට ඇති, මොහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්‍යක් ව්‍යායාමය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති දොසය දුරුකිරීම කෙළවරකොට ඇති, මොහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්‍යක් සතිය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, දොසය දුරුකිරීම කෙළවරකොට ඇති, මොහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්‍යක් සමාධිය වඩයි.

“මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජනයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය පිණිස, මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.

(මෙසේ ගංගා පෙය්යාලයේ පටන් ඒසනා වර්ගය දක්වා ඇති සූත්‍ර 34 ද ඕඝ වර්ගයේ ප්‍රථම සූත්‍ර 10 ද මේ අනුසාරයෙන් මෙහිද යොදාගත යුතුයි.)