සංයුත්තනිකායො
මහා වර්ගය
2. බොජ්ඣංග සංයුත්තය
5. චක්කවත්ති වර්ගය
7. අදළිද්ද සූත්‍රය
“ස්වාමීනි, නොදිළින්දා, නොදිළින්දා යයි කියනු ලැබේ. ස්වාමීනි, කරුණු කීයකින් නොදිළින්දා යයි කියනු ලැබේද?”
“මහණ, සප්ත බොධ්‍යංගයන් වඩනලද බැවින් නැවත නැවත පුරුදු කරනලද බැවින් නොදිළින්දා යයි කියනු ලැබේ.”
(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි)
“මහණ, මේ සප්ත බොධ්‍යාංගයන් වඩන ලද බැවින් නැවත නැවත පුරුදුකරනලද බැවින් නොදිළින්දා යයි කියනු ලැබේ.