සංයුත්තනිකායො
මහා වර්ගය
3. සතිපට්ඨාන සංයුත්තය
5. අමත වර්ගය
9. වෙදනා පරිඤ්ඤා සූත්රය
“මහණෙනි, වේදනාවෝ තිදෙනෙකි. කවර තිදෙනෙක්ද යත්? සුඛ වේදනාවය, දුක්ඛ වේදනාවය, උපෙක්ෂා වේදනාවය. මහණෙනි, මොව්හු වේදනාවෝ තිදෙනය. මහණෙනි, මේ වේදනා තිදෙනාගේ මනාකොට දැනගැනීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.
(මේ ඡෙදය 4 වෙනි අනනුස්සුත වර්ගයේ 2 වෙනි සූත්රයේ 3 වෙනි ඡෙදය මෙනි.)
“මහණෙනි, මේ වේදනාවන් තිදෙනාගේ මනාකොට දැනගැනීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.”