සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

12. ඕඝ වර්ගය

1–10. ඔඝාදිසුත්තදසකං

(මේ වර්ගයේ දහවෙනි සූත්‍රයට මෙන් මුල් සූත්‍ර නවයටත් පංචෙන්ද්‍රිය යෙදාගැනීමෙන් මග්ගසංයුත්තයේ ඕඝ වර්ගයේ මෙන් මෙහිද සූත්‍ර දහය සම්පූර්ණවේ)

“මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසක් වෙත්. කවර පසෙක්ද? රූපරාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිද්‍යාව යනුයි. මහණෙනි, මේ පස උද්ධම්භාගිය සංයෝජනයෝයි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස විශෙෂයෙන් දැනගැනීම පිණිස පිරිසිඳ දැනගැනීම පිණිස නැති කිරීම පිණිස ප්‍රහාණය පිණිස පඤ්චෙන්ද්‍රියයෝ වැඩිය යුත්තාහ. කවර පසෙක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම රාගය දුරුකිරීම කෙළවර කොට දොසය දුරුකිරීම කෙළවර කොට මොහය දුරුකිරීම කෙළවර කොට ඇති අමෘතයට බැසගන්නාවූ අමෘතය උපදවන්නාවූ අමෘතය කෙළවර කොට ඇත්තාවූ නිවනට බැසගන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන කෙළවර කොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ සද්ධින්ද්‍රිය වඩයි.

“රාගය දුරුකිරීම කෙළවරකොට දොසය දුරුකිරීම කෙළවර කොට මෝහය දුරුකිරීම කෙළවර කොට ඇති අමෘතයට බැසගන්නාවූ අමෘතය උපදවන්නාවූ අමෘතය කෙළවර කොට ඇත්තාවූ නිවනට බැසගන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන කෙළවර කොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ විරියින්ද්‍රිය වඩයි.

“රාගය දුරුකිරීම කෙළවරකොට ද්වෙෂය දුරුකිරීම කෙළවර කොට මොහය දුරුකිරීම කෙළවර කොට ඇති අමෘතයට බැසගන්නාවූ අමෘතය උපදවන්නාවූ අමෘතය කෙළවර කොට ඇත්තාවූ නිවනට බැසගන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන කෙළවර කොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ සතින්ද්‍රිය වඩයි

“රාගය දුරුකිරීම කෙළවරකොට ද්වෙෂය දුරුකිරීම කෙළවර කොට මොහය දුරුකිරීම කෙළවර කොට ඇති අමෘතයට බැසගන්නාවූ අමෘතය උපදවන්නාවූ අමෘතය කෙළවර කොට ඇත්තාවූ නිවනට බැසගන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන කෙළවර කොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ සමාධින්ද්‍රිය වඩයි.

“රාගය දුරුකිරීම කෙළවරකොට ද්වෙෂය දුරුකිරීම කෙළවර කොට මොහය දුරුකිරීම කෙළවරකොට ඇති අමෘතයට බැසගන්නාවූ අමෘතය උපදවන්නාවූ අමෘතය කෙළවර කොට ඇත්තාවූ නිවනට බැසගන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන කෙළවර කොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ පඤ්ඤින්ද්‍රිය වඩයි.

මහණෙනි, මේ පසක්වූ උද්ධම්භාගිය සංයෝජනයන් විශෙෂයෙන් දැනගැනීම පිණිස පිරිසිඳ දැනගැනීම පිණිස ක්ෂය කිරීම පිණිස පහකිරීම පිණිස මේ පඤ්ච ඉන්ද්‍රියයෝ වැඩිය යුත්තාහ.

ඔඝවග්ගො ද්වාදසමො.