සංයුත්තනිකායො
මහා වර්ගය
4. ඉන්ද්රිය සංයුත්තය
2. මුදුතර වර්ගය
4. පරිපූරකාරී සූත්රය
(මේ ඡෙද මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 1, 2 වෙනි ඡෙද මෙනි.)
[3] “මහණෙනි, මේ පංචෙන්ද්රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් අනාගාමි වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සකෘදාගාමි වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සෝවාන් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් ධම්මානු සාරී නම් සෝවාන් මාර්ගස්ථයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සද්ධානුසාරී නම් මාර්ගස්ථයා වෙයි.
[4] “මහණෙනි, මෙසේ වනාහි සම්පූර්ණවූ ඉන්ද්රිය ඇති අර්හත් මාර්ගය සම්පූර්ණ කිරීමෙන් අර්හත් ඵලයට පැමිණෙයි. කොටසක්වූ ඉන්ද්රියයන් ඇති ඉතිරි මාර්ග තුන සම්පූර්ණ කිරීමෙන් ඉතිරි ඵල තුනට පැමිණෙයි. මහණෙනි, මම මෙසේ පංචෙන්ද්රියයෝ වඳ නොවෙත්යයි” කියමි.