සංයුත්තනිකායො
මහා වර්ගය
4. ඉන්ද්‍රිය සංයුත්තය
2. මුදුතර වර්ගය
5. සද්ධානුසාරී සූත්‍රය
(මේ ඡෙද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2 වෙනි ඡෙද මෙනි.)
[3] “මහණෙනි, මේ පංඤ්චෙන්ද්‍රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අන්තරාපරිනිබ්බායී (පංච සුද්ධාවාසයෙහි ආයු අඩකට අතරතුර රහත් වන) අනාගාමී පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් උපහච්ච පරිනිබ්බායී (පංචසුද්ධාවාසයෙහි ආයු අඩක් ඉක්මවා රහත් බවට පැමිණෙන) අනාගාමී පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අසඩ්ඛාර පරිනිබ්බායී (නොහොත් පංච සුද්ධාවාසයේ ඉපිද පහසුවෙන් වෙහෙස නොවී රහත්වෙන අනාගාමී පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සසංඛාර පරිනිබ්බායී (පංච සුද්ධාවාසයේ ඉපිද වෙහෙසවී උත්සාහයෙන් රහත්වන) අනාගාමී පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් උද්ධංසොත අකනිට්ඨගාමි (ක්‍රමයෙන් අකනිටා බඹලොව දක්වා රහත්වන) අනාගාමී පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සකෘදාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් ධම්මානුසාරි නම් සෝවාන් මාර්ගස්ථයා වෙයි ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සද්ධානුසාරී නම් සෝවාන් මාර්ගස්ථයා වෙයි.”